පළාත් පාලන ඡන්ද විමසීමේ ඊයේ(29) හා පෙරේදා(28) දිනයේ සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් මෙවර මැතිවරණ නිලධාරීන් විසින් ප්‍රවාහනය කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ, එම රක්ෂිත පැකට් කඩිනමින් ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් එම පියවර ගත් බවයි.

එලෙස ප්‍රවාහනය කෙරෙන තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් කොළඹදී තේරිමෙන් අනතුරුව දිස්ත්‍රික් වෙත යළි බෙදා හැරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ පසුගිය 24 හා 25 දින ප්‍රකාශ කළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වනවිටත් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත භාර දී ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *