පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(17) සිට ආරම්භ කෙ‍රෙනවා.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ ලබන 29 වැනිදා දක්වා එම කටයුතු සිදුවන බවයි.

ඒ සඳහා තැපැල් බෙදුම්කරුවන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර තැපෑලට භාරදුන් පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් බෙදා හැරීම ද මේ වනවිට සිදු කෙරෙන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *