නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

ඔහු පැවසුවේ අප්‍රේල් මස 20වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද රක්ෂණ පැකැට්ටු තැපෑල වෙත භාරදීම ඊයේ දිනයේදී සිදු කළ බව ඔහු ප්‍රකාශ කළා.

රුවන් සරත්කුමාර පැවසූවේ දිස්ත්‍රික්ක 6කට අයත් පළාත් පාලන ආයතන 09කට අදාළ රක්ෂණ පැකට්ටු තැපෑල වෙත භාරගත් බවයි.

එමෙන්ම මෙතෙක් ලැබුණු තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටුවලින් 70%කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට බෙදාහැර අවසන් බවද ඔහු ප්‍රකාශ කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *