ගෝලීය මත්ද්‍රව්‍ය මැඬලීමට ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඬලීමේ කොමිසමේ 68 වැනි සැසිවාරයේ සභාපති ධුරය ඉන්දියාවට හිමි වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත ෂම්බු එස්. කුමාරන්ගේ සභාපතිත්වයෙන් ඔස්ට්‍රියාවේ වියානා අගනුවරදී එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඬලීමේ කොමිසමේ 68 වැනි සැසිවාරය ආරම්භ වූ බවයි.
රටවල් 150කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයන් 2000කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම සැසිවාරයට බොලීවියාවේ උප ජනාධිපති ඩේවිඩ් චොකෝහොන්කා සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව කූප්රකට ඉතිහාසයක් ඇති ඉක්වදෝරයේ සහ කොළොම්බියාවේ විදේශ ඇමැතිවරුන් ද එක්වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.