අද (23) අලුයම නිවසක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ නාරාහේන්පිට පොලිස් වසමේ 397 වත්ත ප්‍රදේශයේදීයි.
මියගිය පුද්ගලයා ගින්නට හසුව පිළිස්සුම් තුවාල ලබා සිටියදී පොලීසිය විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.