අද (070 අලුයම වන අලි පහරදීමකින් තඹුත්තේගම නව මකුලෑව ප්‍රදේශයේදී ගොවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ තම වගාබිමේ පැල් රකිමින් සිටියදීයි.
වන අලි ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයා වයස අවුරුදු 48ක් වන නව මකුලෑව හුරිගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි.