මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයක් හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමයකට පරිදි බවයි වාර්තා වන්නේ.

2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට මෙම සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ පාර්ශව රැසක් සමඟ සාකච්ඡා කර අදාළ සංශෝධන ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව කඩිනමින් අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *