මධ්‍යම යුරෝපා රටක් වන ඔස්ට්‍රියාවේ මාස 5ක දේශපාලන අර්බුදය අවසන් කරමින් එරට මහජන පක්ෂයේ ක්‍රිස්ටියන් ස්ටෝකර්, නව චාන්සල්වරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාතික කවුන්සිලයට නියෝජිතයන් පත් කරගැනීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති ඔස්ට්‍රියානු මැතිවරණයෙන් එම පක්ෂය 2වෙනි ස්ථානයට පත්වුවද, මැතිවරණයෙන් තුන්වැනි හා 4වන තැනට පත්වූ මධ්‍ය වාමාංශික සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික පක්ෂය සහ ලිබරල් නියෝස් පක්ෂය සමඟ එක්ව හවුල් රජයක් බිහි කිරීමට සමත්වූ බවයි.
ඔස්ට්‍රියාවේ නව චාන්සල්වරයා ලෙස පත්වූ 64 හැවිරිදි ක්‍රිස්ටියන් ස්ටෝකර්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, වියට්නාමයේ
අගමැති පාම් මින් චින් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් සුබපැතුම් එක් කර තිබෙනවා.