සුරාබදු ආඥා පනත නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම හමුවේ රජයට වසරකට රුපියල් බිලියන 200කට අධික අලාභයක් සිදුවන බව ශ්‍රී ලංකා සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි එම සංගමය ජනාධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ.
එසේම සුරාබදු නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් අයථා ලෙස උපයාගත් වත්කම් පිළිබඳවද පරික්ෂා කළ යුතු බව සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
(rednewsalert.lk)