වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් 8 ලක්ෂ 16,191දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් බවයි.
මෙම මාසයේ දින 15 ක් තුළ සංචාරකයින් 93,915 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.
පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 20 ලක්ෂ 53,465ක්.
(rednewsalert.lk)