ඉන්දීය හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්ථානය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පාකිස්ථානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු තුනක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉන්දියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.

ඒ අනුව ඊට ප්‍රතිප්‍රහාර පාකිස්ථානය විසින් එල්ලකර ඇති අතර, එහි ප්‍රතිඵයක් ලෙසින් ඉන්දීය පරිපාලන කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ පිපිරීම් ඇසුණු බවද වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රීනගර් සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි උරි හි ලගාමා ගම්මානයට ද පාකිස්ථානය විසින් කාල තුවක්කු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

එම ප්‍රහාරයෙන් ප්‍රදේශවාසියෙකුගේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *