ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කර තිබෙනවා. අළුයම 3.15 සිට දහවල් 12 දක්වා කාලය තුළ සියලුම ගුවන්ගමන් සඳහා පාකිස්ථානය සිය ගුවන් කලාපය වසා දමා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙම නිවේදනය නිකුත්කළ බවයි.
රාවල්පින්ඩි හි නූර් ඛාන් ගුවන් කඳවුර අසල සහ ලාහෝර් හි ස්ථාන කිහිපයක ඊයේ (09) සවස් කාලයේ පිපිරීම් වාර්තාවීමත් සමඟ මෙම ගුවන් කලාපය වසා දමා තිබෙනවා.
(rednewsalert.lk)