පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය සම්බන්ධයෙන් දැඩි තීරණ ක්‍රියාත්මක කරමින් සිටින ඉන්දියාව, පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද ඉන්දියාව තුළ අවහිර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස අවහිර කරනු ලැබූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවට ඊයේ (2) දිනයේදී බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ වසීම් අක්‍රම්ගේගේ ගිණුම්ද ඇතුළත් කර ඇති බවයි.

ඒ අනුව මේ වනවිට ටෙස්ට් නායක ෂාන් මසූඩ්, වේග පන්දු යවන්නන් වන හසන් අලි සහ නසීම් ෂා, පිතිකරු ඉමාම් උල් හක්, තුන් ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන්ගේ ගිණුම් අවහිර කර තිබෙනවා.

එමෙන්ම හිටපු පාකිස්ථානු තරු වන ෂොයිබ් අක්තාර් සහ ෂාහිඩ් අෆ්රිඩිගේ ගිණුම්ද ඒ අතර ඇති බවයි වාර්තා වන්නේ.

තවද පාකිස්ථානයේ හිටපු අගමැති මෙන්ම හිටපු නායක ඉම්රාන් ඛාන්ගේ ගිණුමට ඉන්දියාව තුළ ප්‍රවේශ විය නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ සිට ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පිවිසීමට උත්සාහ කරන පරිශීලකයින්ට ‘ඉන්දියාව තුළ ගිණුමක් නොමැත’ යනුවෙන් දැක්වෙන බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *