පොල් ගස් කැපීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අනිවාර්යෙන් අවසර ලබා ගත යුතු බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.
2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී අවසරයක් ලබාගත යුතු බවයි වාර්තා වන්නේ.
පොල් සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ නොදැනුවත් බව හේතුවෙන් ජනතාව ගස් කැපීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි.
ඒ අනුව නිසි අවසරයකින් තොරව පොල් ගස් කපන පුද්ගලයන්ට මාස 6ක දඬුවමක් නියම කරන බවත් එක් ගසකට රුපියල් 5000ක දඩ මුදලක්ද ගෙවිය යුතු බවත් එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.