පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු අද (26) සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමඟයි.
ඒ අනුව විකල්ප මාර්ග ලෙස මනම්පිටිය හරහා දෙහිඅත්තකණ්ඩිය බකමූණ මාර්ගය භාවිතා කල හැකි බව පොළොන්නරුව ආපදා කළමනාකරන කාර්යාලය මහජනතාවට දැනුම් දුන්නා.