පොත් ප්රකාශනය සඳහා පනවා තිබෙන 18%ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පියවර ගතයුතු බව ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් දිනේෂ් කුලතුංග සඳහන් කළේ අදාළ යෝජනාව ඉදිරි අයවැය සඳහා යොමු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවයි.
වැට් බදු සමඟ මිල ඉහළ යාම හේතුවෙන් පොත් අලෙවිය 30%කින් පහත වැටී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.