උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.