දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මධ්‍යම, සබරගමුව, බටහිර, දකුණු සහ ඌව පළාත්වල සහ කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *