උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවර-එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය, පොළොන්නරුව, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකියි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මාතලේ, නුවර-එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40ක තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *