ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

එම දෙපාර්ත්තමේන්තුව වැඩි දුරදත් සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *