උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම දිවයිනේ අනෙකුත් පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු, නැගෙනහිර, බටහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර, මාතලේ, නුවර-එළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.