උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *