ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට 27 පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා පැය 8 1/2ක් එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවන බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ‍, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සඳහා ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *