පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර තිබෙනවා.
ඒ ඔහු විසින් 2021 වසරේ මාර්තු 22 වනදා මෝටර් රථයක් අනතුරට පත් කර එහි සිටි පුද්ගලයාට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදීයි.
ඔහු දිගින් දිගටම අධිකරණය මඟ හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.