පැරාලිම්පික් ලෝක වාර්තාවක් පිහිටවූ සමිත දුලාන්ට නව හෙල්ලයක් ලබාදී තිබෙනවා.
සමිත දුලාන් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ (SLCMP) බලයලත් නිලධාරිකෙනෙක් වන මොහු 2024 ලෝක පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක් දක්වා තිබෙනවා.
එහිදී ඔහු නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වුණා.
අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය අතින් ඔහුට නව හෙල්ලයක් පිරිණැමීම සිදු වුණා.
ඒ පසුගිය 29වනදා අධ්‍යාපන අමාත්‍යංශයේදීයි.