පැරිස් ගිවිසුමේ දස වන සංවත්සරය නිමිත්තෙන් චීන මහජන සමූහාණ්ඩුව සහ ප්‍රංශ ජනරජය දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමට දෙරට සතු දැඩි කැපවීම එම ප්‍රකාශයෙන් නැවත අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගෝලීය වශයෙන් පරිසර හිතකාමී බව හා අඩු කාබන් සහිත දේශගුණික පරිවර්තනය පැරිස් ගිවිසුම පිළිබිඹු කරන බවත්, ගෝලීය මට්ටමෙන් දේශගුණික ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කර ඇති බවත් අවධාරණය කරමින්,පැරිස් ගිවිසුමට සහ එහි සඳහන් ගෝලීය උණුසුම පාලනය කිරීමට අදාළ ඉලක්ක වෙත යාම වෙනුවෙන් දෙපාර්ශ්වය දැඩි ලෙස සහාය දක්වන බවත් අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *