පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 24වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 අතර කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

එමෙන්ම පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 අතර කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රජය විසින් ගෙන එන Clean Sri Lanka වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *