පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ ජුනි 20වනදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වන බවයි.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *