ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා.

පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වුණා.

එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකොට බුදු සසුන පිහිටුවීම, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම, භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම, මිස්සක පව්ව අභියසට වැඩි දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක් පොසොන් පුන් පසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *