ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.

එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බවයි.

එසේම පළාත් පාලන ආයතන සඳහා සභිකයන් නම් කිරීම පිළිබඳ අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කමිටුවක් පත් කර තිබෙනවා.

එම පක්ෂයේ මහ ලේකම් කියා සිටියේ ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ද පොදුජන පෙරමුණ කමිටුවක් පත් කර ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *