බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මඩකලපුව, අයිතමලෙයි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බීමතින් මෝටර් රථයක් ධාවනය කළ අදාළ පොලිස් නිලධාරියා පසුගිය 16 වැනිදා අම්පාර, කාවන්තිස්ස විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් අනුවයි.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරියාගේ සේවය ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මඩකලපුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *