මෙරට ප්‍රධානම පළාත් පාලන ආයතනයක් වන කොළඹ මහා නගර සභාවේ මංගල සභා වාරය අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතයි.

පසුගිය මැයි 06වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කළා.

කෙසේ වෙතත් එහිදී සභාවේ බහුතර සභික සංඛ්‍යාව ලබා ගැනීමට එම පක්ෂයට නොහැකි වුණා.

මේ හේතුවෙන් සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුකරන මංගල සභාවාරය අද සිදු කිරීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *