කොළඹ වරාය නගරයට නව සංවර්ධන ව්‍යාපෘති සහ නව ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ සිය ප්‍රථම චීන සංචාරය අතරතුර බෙල්ජින්හීදී චීන මාධ්‍ය සමූහය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
පුණර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙළක් තම රජය විසින් සකස් කර ඇති අතර එය සාර්ථක කර ගැනීම සඳහා චීනයේ තාක්ෂණික සහය සහ චීනයේ ආයෝජනයන් කෙරෙහි විශ්වාසය තබන බව ඔහු වැඩිදුරටත් කියාසිටියා.