දුම්රියේ ගැටීම හේතුවෙන් වනඅලින්ට සිදුවන හානි අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා පරිසර අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරියද සහය ලබාදෙන බවයි වාර්තා වන්නේ.

වනඅලි බහුලව දුම්රියේ ගැටෙන ගල්ඔය දුම්රිය ස්ථානයේ සිට හිඟු‍රක්ගොඩ දුම්රිය ස්ථානය දක්වා කඳු සහිත ස්ථාන 07ක් හඳුනාගෙන තිබෙනවා.

එම කඳු සහිත ස්ථානවල පස්කන්ඩි ඉවත් කිරීමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දුම්රිය රියදුරන් ,ස්ථානාධිපතිවරු, ඉංජිනේරුවන්, දුම්රිය සහායක රියදුරන් දැනුවත් කිරීම සහ වනඅලි දුම්රිය හරහා මාරුවන ස්ථානවල පවත්නා නාම පුවරු යාවත්කාලීන කිරීමද මෙහිදී සිදු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *