දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව අද (19) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව උතුරු, උතුරු මැද, ඌව, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150කට වැඩි තද වැසි ඇති වීමට ඉඩ තිබෙනවා.
පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වඩා වැඩි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.