ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සනිටුහන් කරමින් ජනාධිපතිවරයා හෙට සිට ලබන 6වනදා දක්වා වියට්නාමයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම ජනාධිපති සහ අගමැතිවරයා අතර නිල සාකච්ඡාවල ද නිරත වන බවයි.

ඊට අමතරව කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙහිදී හමුවීමට නියමිතව තිබෙනවා.

හෝ චි මිං නගරයේදී ලබන 6වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන ජනාධිපතිවරයා එහි ප්‍රධාන දේශනයද පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා වියට්නාම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම සහ ව්‍යාපාරික හමු කිහිපයක්ද සිදු වන බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *