මේ වසරේ ගත වූ කාලසීමාව තුළදී වරාය මෙහෙයුම්වලින් ඉපැයූ ලාභය කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඉපැයූ ලාභය රුපියල් මිලියන 24,418ක් වන බවයි.
එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව එය 66%ක වර්ධනයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.