විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබා ගැනීම අද (27) ආරම්භ වනවා.

ඒ අනුව එහි පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නව වසරේ පළමු මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කළා.

ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ 10%ත් 20%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව අදාළ යෝජනාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම පසුගිය 17වනදා සිට සිදු කළ අතර අද සිට ජනවාරි 10වනදා දක්වා මහජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *