ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා.

ඔහු සිය රසිකයන්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවයි.

රෆායල් නඩාල්ගේ වෘත්තිය ටෙනිස් දිවිය 2001 වසරේදී ආරම්භ වුණා.

ඔහු ප්‍රංශ විවෘත ශූරතා 14ක්, ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා 02ක්, විම්බල්ඩන් ශූරතා 02ක් සහ එක්සත් ජනපද විවෘත තරග 04ක් සමඟින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 22ක් දිනා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *