පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු 7ක් නිකුත් කර තිබිය දී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හැරීමට ඊයේ නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින්.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි 07ට අදාළව මුදල් ගෙවීම් සිදු කළ වාර්තා ලබන 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *