කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි ජේ. අයි. ඩී ජයසුන්දර ප්‍රකාශ කළේ ඒ අනුව, 2025.05.17 දින පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා අර්ධ වශයෙන් හා එදිනම රාත්‍රී 08.00 සිට 2025.05.18 දින පෙ.ව. 05.00 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන බවයි.

මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනිමට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දී තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *