බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (12) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද දිනයේදී වයඹ පළාතටද වැසි ඇති වන බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 – 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.