ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 2ක් අද (10) උදෑසන විවෘත කර තිබෙනවා.

ජලාශ භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව සඳහන් කළේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන්දොරටු 2ක් අඩි 3ක් උසට විවෘත කර ඇති බවයි.

ඒ අනුව තත්පරයට ඝණ අඩි 2,000ක ජල ශාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *