පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන් සඳහන් කළේ රඹුටන් ඵලදාව සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට ඇතැම් පුද්ගලයින් එම ගස්වලට විදුලි රැහැන් ඇදීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බවයි.
ඒ අනුව මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුද්ගලයින් කිහිපදෙනෙක් ප්‍රතිකාර ලබන බවද විශේෂඥච වෛද්‍යවරයා සඳහන් කළා.
කුඩා ළමුන්ට රඹුටන් ආහාරයට ලබාදීමේදී ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද ඔහු වැඩිදුරටත් අවදාරණය කර තිබෙනවා.