පසුගිය දිනයට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (09) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 899,105ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (08) සටහන් වුණේ රුපියල් 894,433ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 232,650ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 29,080ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,720ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *