දේශීය විදේශීය සංචාරකයින්ගේ සංචාරක ස්ථානයක් වන රන්දුණු දිය ඇල්ල අවට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.

ඒ ගම්වාසීන්ගේ ප්‍රධානත්වයෙන්.

ගම්මානයේ සාම ප්‍රජාමූල සංවිධානය භාරව කටයුතු කරන ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරිනි තිළිණි වික්‍රමසිංහගේ උපදෙස් මත ගම්වාසීන් සියලුම දෙනා එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කල බවයි වාර්තා වන්නේ.

ගම්වාසීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ පැමිණෙන සංචාරකයන්ට දිය ඇල්ල අසලට යාමට තිබූ මාර්ගය අපවිත්‍ර වීම, කැලෑවෙන් වැසීම, දිය ඇල්ල අසල වීදුරු ඇතුළු නොදිරන ද්‍රව්‍ය බහුලව තිබීම නිසා සංචාරකයන් දැඩි අසීරුවට ලක්වූ අවස්ථා තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *