දහම් පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වී තිබෙන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දහම් පාසල් පවත්වාගෙන යාමට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි.

එමෙන්ම සාකච්ඡා මට්ටමින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *