පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 4000ක් නිදහස් කරගැනීමට නොහැකිව රේගුවේ රඳවාගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ රජය විසින් සහල් ආනයනයට ලබාදී තිබූ කාලය අවසන් වීම නිසා අදාළ සහල් තොගය තවදුරටත් රේගුවේ පවතින බවයි.
රට තුළ පැවති සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික අංශයට අවසර ලබාදී තිබුණා.
ඒ අනුව එම කාලය පසුගිය 10වනදා අවසන් වුණා.