පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩිට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වසින් අද (01) ඇප නියම කර තිබෙනවා.
ඒ අනුව ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා සතුව තිබී සොයාගත් නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධීව ලියාපදිංචි කිරීමේ චෝදනාව මත පසුගිය 24වනදා ඔහු පොලීසියට භාර වුණා.