සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 25000ත් 30000ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ සහල් ආනයනය කිරීමට අවසර ලබාදී තිබෙන දෙසැම්බර් 31 දක්වා කාලය ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් තමන්ට සහල් ගෙන්වීමට හැකි වන්නේ සුළු ප්‍රමාණයක් බවයි.

නාඩු, කැකුළු හා සම්බා සහල් එලෙස ආනයන කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *